අයදුම්පත් රාශියක් යැව්වත් ඔබට පිළිතුරක් නොලැබෙන්නේ ඇයිදැයි ඔබ කල්පනා කරනවාද? ගැටලුව ඔබේ සුදුසුකම් නොවේ, ඔබේ CV එකේ ආකෘතිය විය හැකිය.
අද 75% කට වඩා CV මිනිස් ඇසකට යාමටත් පෙර Applicant Tracking Systems (ATS) හරහා ප්‍රතික්ෂේප වේ. ඔබ ඔබේ CV එකේ අනවශ්‍ය පින්තූර, ප්‍රස්තාර හෝ tables යොදාගෙන තිබෙනවා නම් එය කියවීමට මෙම මෘදුකාංග වලට නොහැක.
ATS යනු කුමක්ද?
Applicant Tracking System (ATS) යනු මානව සම්පත් (HR) දෙපාර්තමේන්තු විසින් අයදුම්පත් එක්රැස් කිරීමට සහ පෙරීමට භාවිතා කරන මෘදුකාංගයකි. එය ඔබගේ CV එක text බවට පත් කර, අදාල Keywords සහ අත්දැකීම් පමණක් සොයා බලයි.
මෙය වැදගත් වන්නේ ඇයි?
බැංකු, තොරතුරු තාක්ෂණ (IT) සහ මූල්‍ය යන අංශ වල විශාල සමාගම් බොහොමයක් අයදුම්පත් තේරීමට දැන් භාවිතා කරන්නේ ATS මෘදුකාංග වේ. ඔබ ATS වලට ගැලපෙන CV එකක් නොයවන්නේ නම්, ඔබගේ කාලය අපතේ යැවීමක් පමණි.
නීතිය 1: සංකීර්ණ Designs ඉවත් කරන්න
Canva වල ඇති ලස්සන two-column designs යන්ත්‍ර වලට කියවිය නොහැක. සාමාන්‍ය Word document එකක් මෙන් තනි තීරුවකට (single-column) තොරතුරු පෙළගස්වන්න.
නීතිය 2: සම්මත මාතෘකා භාවිතා කරන්න
'Work Experience', 'Education', 'Skills' වැනි සම්මත මාතෘකා භාවිතා කරන්න. 'අධ්‍යාපන ගමන' වැනි වචන භාවිතා කිරීමෙන් වළකින්න.
නීතිය 3: Keywords භාවිතය
Job description එකේ ඇති වචන ඒ ආකාරයෙන්ම භාවිතා කරන්න. ඒ හරහා ATS මෘදුකාංගය මගින් ඔබේ සම්භාවිතාව වැඩිකර පෙන්වයි.
නීතිය 4: Text boxes සහ Tables ඉවත් කරන්න
Text boxes, tables, සහ headers/footers ඇතුලත ඇති තොරතුරු ATS මගින් නොසලකා හරියි.
ATS මගින් කියවීම පිළිබඳ උදාහරණයක්
ඔබ Excel දන්නා බව පෙන්වීමට progress bar එකක් භාවිතා කලහොත් ATS එකට එය තේරුම් ගත නොහැක. ඒ වෙනුවට 'Advanced in Microsoft Excel (Pivot Tables, VLOOKUP, Macros)' ලෙස ලියා දක්වන්න.
සුලභ ATS වැරදි
- PDF/Word වෙනුවට පින්තූර ලෙස (JPG/PNG) CV යැවීම.
- කියවීමට අපහසු දෘශ්‍යමය සිත් ඇදගන්නා fonts භාවිතා කිරීම.
- දින වකවානු margin එකේ ගැටගැසීම.
- සුදු පාටින් keywords ලියා සැඟවීම (මෙය ස්වයංක්‍රීයව reject වීමට හේතු වේ).
අවසාන පරීක්ෂාව
- CV එක Single-column layout එකකින් තිබේද?
- පින්තූර සහ ප්‍රස්තාර ඉවත් කොට තිබේද?
- මාතෘකා මනාව හා සම්මත ලෙස යෙදී තිබේද?
- Job description එකෙහි keywords අන්තර්ගත වී තිබේද?
- මෙය නිවැරදිව PDF ආකෘතියෙන් save කර තිබේද?