ඔබ කොතරම් රැකියා සඳහා අයදුම් කළත් සම්මුඛ පරීක්ෂණ (Interviews) සඳහා කැඳවීමක් නොලැබෙන්නේ ඇයි දැයි ඔබ කල්පනා කර තිබෙනවාද? මීට ප්‍රධාන හේතුවක් විය හැක්කේ ATS මෘදුකාංගයයි.
අද කාලයේ බොහෝ ආයතන වලට ලැබෙන දහස් ගණන් CV පරීක්ෂා කිරීම සඳහා Applicant Tracking Systems (ATS) නම් මෘදුකාංග භාවිත කෙරේ. ඔබගේ CV එකේ සංකීර්ණ Design, වගු, සහ රූප ඇතුළත් නම් හෝ අදාළ Keywords නැති නම්, පරිගණකය විසින් එය ස්වයංක්‍රීයව ප්‍රතික්ෂේප කර දමයි.
ATS-Friendly CV එකක් කියන්නේ කුමක්ද?
ATS-Friendly CV එකක් යනු පරිගණක මෘදුකාංගයකට පහසුවෙන් කියවා තේරුම් ගත හැකි ලෙස ඉතා සරලව හා පැහැදිළිව සකස් කරන ලද CV ආකෘතියකි. මෙහිදී අදාළ රැකියාවට ගැලපෙන Keywords (මූලික පද) නිවැරදිව භාවිත කරනු ලබයි.
මෙය වැදගත් වන්නේ ඇයි?
ලෝකයේ සහ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ සමාගම් වලින් 70% කට වඩා සේවකයන් බඳවා ගැනීමේදී ATS මෘදුකාංග භාවිත කරයි. එබැවින් ඔබේ CV එක ATS මෘදුකාංග වලින් සමත් වීමට නොහැකි නම්, ඔබේ සුදුසුකම් කොතරම් ඉහළ වුවත් මනුෂ්‍යයෙකුගේ ඇස ගැටීමටවත් අවස්ථාවක් නොලැබේ.
පියවර 1: සරල Layout එකක් භාවිත කරන්න
CV එකේ Columns, Tables, Graphics, සහ අකුරු වටා කොටු යෙදීමෙන් වළකින්න. මෘදුකාංගය කියවන්නේ ඉහළ සිට පහළට සහ වමේ සිට දකුණට බැවින්, Single-column ෆෝමැට් එකක් භාවිතා කිරීම වඩාත් සුදුසුය.
පියවර 2: සාමාන්‍ය Fonts සහ පැහැදිලි Headings භාවිතා කරන්න
Arial, Calibri වැනි පැහැදිලි අකුරු රටා භාවිතා කරන්න. 'Work Experience', 'Education' වැනි සම්මත Headings (මාතෘකා) පමනක් යොදන්න.
පියවර 3: ජොබ් එකට ගැලපෙන Keywords ඇතුළත් කිරීම
රැකියා දැන්වීමේ සඳහන් කර ඇති අවශ්‍යතා කියවා ඒ සඳහා ඇති Skills සහ පළපුරුද්ද යෙදෙන වචන ඔබගේ CV එකෙහිද අනිවාර්යයෙන් ඇතුළත් කරන්න.
පියවර 4: නිවැරදි File Format එකෙන් Save කරන්න
සෑම විටම CV එක PDF හෝ Word Document එකක් ලෙස යවන්න. පින්තූර (Images) ලෙස යැවීමෙන් වලකින්න.
උදාහරණයක්
**වැරදි ක්‍රමය:** 'මම මෘදුකාංග නිර්මාණය පිළිබඳ පළපුරුද්දක් ඇති කෙනෙක්මි.'
**නිවැරදි ක්‍රමය:** 'වසර 5ක පළපුරුද්දක් සහිත Agile Project Management සහ Software Development Life Cycle (SDLC) පිළිබඳ විශේෂඥතාවක් ඇති ඉංජිනේරුවරයෙකි.'
බහුලව සිදුවන වැරදි
- පාට පාට වර්ණ සහ විවිධ හැඩතල යොදා ගැනීම, Header සහ Footer හි Contact Details දැමීම (සමහර ATS මෘදුකාංග වලට ඒවා කියවිය නොහැක), සහ අනවශ්‍ය ලෙස පිංතූර CV එකට ඇතුලත් කිරීම.
අවසාන පරීක්ෂාව
- මගේ CV එක Single-column සරල ආකෘතියකින් නිර්මාණය වී තිබේද?
- Standard මාතෘකා (Headings) භාවිතා කර තිබේද?
- රැකියා දැන්වීමේ ඇති Keywords මෙයට ඇතුළත් කර තිබේද?
- මෘදුකාංග වලට කියවිය නොහැකි Tables සහ Graphics ඉවත් කර තිබේද?
- PDF එකක් ලෙස Save කර තිබේද?