Skip to content
Signature Series packages now available.View Packages
ශ්‍රී ලංකාවේ රැකියා සඳහා හොඳම CV Format එක තෝරාගන්නේ කෙසේද?
← Back to Category

ශ්‍රී ලංකාවේ රැකියා සඳහා හොඳම CV Format එක තෝරාගන්නේ කෙසේද?

ලස්සන වුනාට වැඩක් නැහැ, හරියට කියවන්න බැරි නම්. ඔබ තෝරාගන්නා CV ආකෘතිය (Format) අනුව තීරණය වෙනවා HR කළමනාකරු එය සම්පූර්ණයෙන් කියවනවාද නැද්ද යන්න.

අන්තර්ජාලයෙන් දකින විවිධ වර්ණවත් formats (උදා: Canva templates) සහ Functional formats ලංකාවේ රැකියා සඳහා භාවිතා කිරීමෙන් ATS මෘදුකාංග ඔබව ප්‍රතික්ෂේප කරනු ඇත.

ප්‍රධාන CV Formats මොනවාද?

ලෝකයේ ප්‍රධාන වශයෙන් CV ආකෘති 3ක් ඇත: Reverse-Chronological (නව රැකියාවේ සිට පරණ රැකියාවට ලැයිස්තුගත කිරීම), Functional (කාලයට වඩා කුසලතා වලට මුල්තැන දීම), සහ Hybrid (මේ දෙකේම මිශ්‍රණයක්).

නිවැරදි Format එක වැදගත් ඇයි?

ඔබේ වෘත්තීය ගමන කෙතරම් සාර්ථකව පෙළගස්වා තිබේද යන්න මෙමගින් පෙන්වයි. වැරදි format එකක් තේරීමෙන් පරිගණක මෘදුකාංග (ATS) මාර්ගයෙන් ඔබව ස්වයංක්‍රීයවම reject වීමට අවස්ථාව ඇත.


1

1. Reverse-Chronological Format (වඩාත්ම සුදුසුයි)

මෙය ලෝකයේ මෙන්ම ලංකාවේද පිළිගත් සම්මතම ක්‍රමයයි. මෙහිදී ඔබ දැනට කරන රැකියාව මුලින්ම ලියා, ඉන්පසු ඊට පෙර කල රැකියාව ලියයි. සියලුම ATS මෘදුකාංග වලට කියවිය හැකි හොඳම ක්‍රමය මෙයයි.

2

2. Functional (Skills-Based) Format

මෙහිදී රැකියා කල කාලසීමාවන් නොපෙන්වා ඔබගේ හැකියාවන් පමණක් ලියා දක්වයි. ලංකාවේ ආයතන කළමනාකරුවන් මෙම ක්‍රමයට කැමති නැත, මන්ද එයින් කුමක් හෝ කාරණයක් සඟවන බවක් ඔවුන්ට හැඟෙන බැවිනි.

3

3. Hybrid (Combination) Format

අධික කුසලතා ප්‍රමාණයක් ඇති විධායක නිලධාරීන්ට මෙන්ම ක්ෂේත්‍රය වෙනස් කරන (Career changers) අයට මෙය සුදුසුය. මෙහි ඉහළින්ම කුසලතා විස්තර කර පහළින් රැකියා ඉතිහාසය සාමාන්‍ය පරිදි දක්වයි.

4

4. Europass Format එක

සමහර යුරෝපීය රැකියා සඳහා මෙය අනිවාර්ය වුවත්, සාමාන්‍ය ලංකාවේ ආයතන මෙම සංකීර්ණ format එකට කිසිසේත්ම කැමති නැත. තානාපති කාර්යාලයකින් ඉල්ලා සිටියහොත් පමණක් මෙය භාවිතා කරන්න.

5

5. ලංකාවට ගැලපෙන ආකෘතිය මතක තබාගන්න

ශ්‍රී ලංකාවේ රැකියා සහ ATS මෘදුකාංග සඳහා කිසිදු පසුබට වීමකින් තොරව **Reverse-Chronological** ආකෘතියම පමණක් භාවිතා කරන්න.


Reverse-Chronological ආකෘතියේ සැකැස්ම

**Header:** Contact Info (නම, දුරකථනය, Email, LinkedIn)

**Summary:** පේළි 3-4 ක වෘත්තීය හැඳින්වීම

**Skills:** රැකියාවට අදාල Keywords අඩංගු කුසලතා

**Work Experience:** අලුත්ම රැකියාව මුලින්ම (Achievements සමග)

**Education:** උසස්ම අධ්‍යාපන සුදුසුකම මුලින්ම

බොහෝ දෙනෙක් කරන වැරදි

  • රැකියා අතර ඇති හිඩැස් (Career gaps) වසන් කිරීමට Functional format එක භාවිතා කිරීම.
  • බැංකු වැනි වෘත්තීය රැකියාවකට Canva හි ඇති මල් වැල් දැමූ CV යැවීම.
  • තීරු දෙකකට (Two-columns) CV එක සෑදීම. මෙයින් ATS මෘදුකාංගය confuse වේ.

අවසාන පරීක්ෂාව

  • මා Reverse-Chronological format එක තෝරා ගත්තාද?
  • පුද්ගලික තොරතුරු CV එකේ ඉහලින්ම තිබේද?
  • දින වකවානු නිවැරදිව පිළිවෙලකට තිබේද?
  • Two-columns සහ පින්තූර ඉවත් කර තිබේද?
  • CV එක කියවීමට පහසු, පැහැදිලි එකක්ද?

ඔබේ CV format එක අලුත් ATS ප්‍රමිතියට ගැලපෙනවාදැයි සැකද? 'CV FORMAT' ලෙස මැසේජ් කල අපගේ විශේෂඥයන් ලවා එය පරික්ෂා කරගන්න.