රැකියාවක් ගන්න පළපුරුද්ද ඕනෑ, ඒත් පළපුරුද්ද ගන්න රැකියාවක් කරන්නම ඕනෑ. අලුතෙන් රැකියා සොයන බොහෝ දෙනෙක් මුහුණ දෙන ප්‍රධානතම ගැටලුව මෙයයි.
බොහෝ තරුණ අයදුම්කරුවන් තම CV එකේ 'Experience' කොටස හිස්ව තබයි, නැතහොත් තේරුමක් නැති විනෝදාංශ (Hobbies) වලින් පුරවයි. ආයතන ඔබෙන් රැකියා පළපුරුද්දක් බලාපොරොත්තු නොවුණත්, ඔබ 'වැඩක් කල හැකි, උනන්දුවක් ඇති කෙනෙක්' බව ඔප්පු කිරීම අත්‍යවශ්‍ය වේ.
No-Experience CV එකක් යනු කුමක්ද?
මෙය රැකියා ඉතිහාසයක් වෙනුවට ඔබගේ අධ්‍යාපනික ජයග්‍රහණ, Extracurricular activities (බාහිර ක්‍රියාකාරකම්), Projects, සහ Transferable skills (කුසලතා) මත පදනම්ව සකසන CV ආකෘතියකි.
මෙය වැදගත් වන්නේ ඇයි?
Entry-level රැකියාවක් සඳහා බඳවාගැනීමේදී ආයතන බලන්නේ ඔබේ විශේෂඥ දැනුම නොවේ; ඔබේ විභවය (potential), ඉගෙනගැනීමට ඇති කැමැත්ත සහ ආකල්පයයි. නිවැරදි CV එකක් හරහා ඔබට එම ලක්ෂණ මනාව පෙන්විය හැක.
පියවර 1: අරමුණක් සහිත Summary එකක් ලියන්න
පළපුරුද්දක් නැති නිසා, ඔබේ අධ්‍යාපනික පසුබිම, ප්‍රබල කුසලතා සහ අදාළ ක්ෂේත්‍රයට සම්බන්ධ වීමට ඇති ඔබේ දැඩි උනන්දුව මෙහිදී අවධාරණය කරන්න.
පියවර 2: අධ්‍යාපනය (Education) ඉහළටම ගන්න
ඔබගේ ප්‍රබලතම සාධකය මේ මොහොතේ ඔබේ අධ්‍යාපනයයි. එය Summary එකට පහලින්ම දක්වන්න. පාසල/විශ්වවිද්‍යාලය, අනුගමනය කළ විෂයයන් සහ ඉහළ ප්‍රතිඵල ඇලතුලත් කරන්න.
පියවර 3: ප්‍රධාන Projects ගැන ලියන්න
ඔබ assignment එකකට app එකක් හැදුවාද? Event එකක් සංවිධානය කලාද? Research එකක් කලාද? මේවා රැකියා අත්දැකීම් ලෙසම format කර 'Academic Projects' යටතේ ඇතුලත් කරන්න.
පියවර 4: Volunteer වැඩ සහ සමාජ ක්‍රියාකාරකම් දැක්වීම
Rotaract, AIESEC හෝ පාසලේ වෙනත් සංගම් වල වැඩ කර තිබේද? ඒ හරහා ඔබේ නායකත්වය සහ කණ්ඩායම් හැඟීම පෙන්විය හැක.
පියවර 5: Transferable Skills ඇතුලත් කරන්න
ඕනෑම රැකියාවකට ගැලපෙන Communication, Computer/IT, Time Management වැනි soft skills සහ ඔබ තනිවම ඉගෙනගත් තාක්ෂණික කුසලතා දක්වන්න.
Project එකක් CV එකේ ලියන ආකාරය උදාහරණයක්
- 500 කට අධික නරඹන්නන් පිරිසක් සහභාගී වූ ප්‍රදර්ශනයේ ප්‍රධාන සම්බන්ධීකාරක ලෙස 15 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මෙහෙයවීම.
- Sponsorships හරහා රු. 100,000 ක අරමුදලක් සාර්ථකව රැස් කිරීම.
- කණ්ඩායම් හැඟීම සහ කාල කළමනාකරණය ප්‍රායෝගිකව භාවිතා කිරීම.
බොහෝ දෙනෙක් කරන වැරදි
- 'මට පළපුරුද්දක් නැහැ' කියා CV එකේ හෝ Cover letter එකේ සමාව ගැනීම.
- 'Watching TV', 'Listening to music' වැනි වෘත්තීය නොවන Hobbies දැමීම.
- හිස් පිටු යැවීම (Projects වලින් පිටුව පුරවා ගන්න).
- ව්‍යාකරණ වැරදි (ඔබට පළපුරුද්දක් නැතිනම්, අවම වශයෙන් ඔබේ CV එකේ අකුරු වැරදි හෝ නොතිබිය යුතුය).
අවසාන පරීක්ෂාව
- අධ්‍යාපන සුදුසුකම් CV එකේ ඉහළින්ම දක්වා තිබේද?
- මගේ Projects අත්දැකීම් ලෙස විස්තර කර තිබේද?
- බාහිර ක්‍රියාකාරකම් සහ Volunteer වැඩ ඇතුලත් කර තිබේද?
- අදාළ Soft skills සහ Hard skills පැහැදිලිව දක්වා තිබේද?
- අක්ෂර වින්‍යාසය සහ ව්‍යාකරණ 100% නිවැරදිද?