Recruiter කෙනෙක් CV එකක් දෙස බලන්නේ තත්පර 6ක් වැනි සුළු කාලයකි. ඔබේ CV එකේ ඉහළම කොටසින් ඔවුන්ගේ අවධානය දිනාගත්තේ නැත්නම්, ඔවුන් ඉතිරිය කියවන්නේ නැත.
බොහෝ අය තවමත් CV එක මුල outdated 'Career Objectives' භාවිතා කරයි (උදා: 'Seeking a challenging position...'). මෙයින් කියවෙන්නේ ඔබට අවශ්‍ය දේ මිසක්, ඔබට සමාගමට ලබාදිය හැකි වටිනාකම නොවේ.
Professional Summary එකක් යනු කුමක්ද?
Professional summary එකක් කියන්නේ CV එකේ ඉහළින්ම සඳහන් වන වාක්‍ය 3-5 කින් යුත් සාරාංශයකි. මින් ඔබගේ වර්තමාන තනතුර, පළපුරුද්ද, ප්‍රධාන ජයග්‍රහණ, සහ ඔබෙන් ආයතනයට ලැබෙන වාසිය පිළිබඳව කෙටි හැඳින්වීමක් ලබා දේ.
මෙය වැදගත් වන්නේ ඇයි?
ඔබේ සම්පූර්ණ CV එකේම වටිනාකම මුල් තත්පර කිහිපය තුල පෙන්නුම් කරන්නේ මෙම කොටසයි. මීට අමතරව Job keywords මෙම summary එකට ඇතුලත් කිරීම හරහා ATS මෘදුකාංගය මගින් වැඩි ලකුණු (Score) ලබාගැනීමට හැකිවේ.
පියවර 1: ඔබේ තනතුර සහ පළපුරුද්දෙන් අරඹන්න
ශක්තිමත් හැඳින්වීමකින් පටන් ගන්න. උදාහරණයක් ලෙස: 'වසර 5ක පළපුරුද්දක් ඇති කැපවීමෙන් වැඩ කරන Marketing Manager වරයෙකි...'
පියවර 2: විශේෂ කුසලතා (Core Expertise) ඉස්මතු කරන්න
රැකියා දැන්වීමේ ඇති keywords භාවිතා මින් ඔබේ විශේෂ කුසලතා දක්වන්න (උදා: 'Digital strategy, SEO, සහ Team leadership සම්බන්ධයෙන් විශේෂඥයෙකි').
පියවර 3: ප්‍රධාන ජයග්‍රහණයක් ඇතුලත් කරන්න
සංඛ්‍යාත්මක දත්ත (metrics) හරහා ඔබේ සාර්ථකත්වය පෙන්වන්න. 'මාස 6ක් තුලදී ආයතනයේ website traffic එක 40% කින් වර්ධනය කිරීමට දායක වුනා.'
පියවර 4: ඔබේ වටිනාකම පෙන්වන්න
'[සමාගමේ නම] හි අරමුණු සාක්ෂාත් කරගැනීම සඳහා මාගේ විශ්ලේෂණ කුසලතා යෙදවීමට බලාපොරොත්තු වෙමි' ලෙසින් සාරාංශය අවසන් කරන්න.
විවිධ ක්ෂේත්‍ර සඳහා උදාහරණ
**IT/Software:** වසර 4ක පළපුරුද්දක් ඇති Full Stack Developer වරයෙකි. සංකීර්ණ MERN applications නිර්මාණයට විශේෂ ලැදියාවක් දක්වයි. මෑතකදී සාමාජිකයින් තිදෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මෙහෙයවමින් ප්‍රධාන Fintech මෘදුකාංගයක් නියමිත දිනට පෙර සාර්ථකව අවසන් කරන ලදි.
**Finance:** වසර 6ක පළපුරුද්දක් සතු Financial Accountant කෙනෙකි. Budgeting, Tax compliance, සහ Payroll management සම්බන්ධයෙන් ගැඹුරු දැනුමක් පවතී. නව Excel automation ක්‍රමවේද හරහා වාර්තාකරණ දෝෂ 15% කින් අවම කිරීමට සමත් වූ අතර තම විගණන දැනුම ආයතන දියුණුවට යෙදවීමට අපේක්ෂා කරයි.
ඔබ කරන සුලභ වැරදි
- Summary එකක් වෙනුවට පැරණි 'Career Objective' එකක් ලිවීම.
- වාක්‍ය 5කට වඩා දිගට රචනාවක් මෙන් ලිවීම.
- 'මම (I/Me)' යන පද භාවිතා කිරීම (Third-person language භාවිතා කිරීම වඩාත් වෘත්තීය වේ).
- සාධක නොමැතිව 'Hardworking', 'Team player' වැනි වචන භාවිතය.
අවසාන පරීක්ෂාව
- මාගේ රැකියා තනතුරෙන් මෙය ආරම්භ වෙනවාද?
- මුළු පළපුරුද්ද (අවුරුදු ගණන) දක්වා තිබේද?
- අවම වශයෙන් එක් ප්‍රධාන ජයග්‍රහණයක් හෝ අන්තර්ගතද?
- ATS සඳහා සහාය වන keywords ඇතුලත්ද?
- මෙය වාක්‍ය 3 ත් 5 ත් අතර ප්‍රමාණයක්ද?