ඔබ අවසානයේ උපාධිය ලබා ගත්තා, නමුත් මේ වසරේ තවත් දහස් ගණනක් ඔබත් සමගම රැකියා වෙළඳපොලට පිවිසෙනවා. ඔවුන් අතරින් ඔබව විශේෂ කර පෙන්වන්නේ කෙසේද?
බොහෝ උපාධිධාරීන් කරන්නේ තමන් විශ්වවිද්‍යාලයේ ඉගෙන ගත් සියලුම විෂයයන් (Modules) CV එකේ ලිවීමයි. ආයතනවලට අවශ්‍ය නම්‍යශීලී, ප්‍රායෝගික වැඩ කළ හැකි අය මිස විභාග සමත් වූ අය පමණක් නොවේ.
Graduate CV එකක් යනු කුමක්ද?
මෙය ඔබගේ අධ්‍යාපනික ජයග්‍රහණ සහ ආයතනික අවශ්‍යතාවයන් අතර පාලමක් සදන CV එකකි. මෙහිදී ඔබගේ උපාධියට අමතරව Internships, අවසන් වසරේ project එක සහ නායකත්ව කුසලතා මනාව ඉස්මතු කරයි.
මෙය වැදගත් වන්නේ ඇයි?
Management Trainee හෝ Executive මට්ටමේ රැකියා සඳහා විශාල තරඟයක් ඇත. ATS මෘදුකාංග ජයගත හැකි, ප්‍රායෝගික හැකියාවන් (Hard skills) පෙන්වන CV එකක් මගින් ඔබට ඉතා ඉක්මනින් රැකියා සම්මුඛ පරීක්ෂණ වෙත යා හැක.
පියවර 1: අධ්‍යාපනය (Education) ඉහළින්ම තැබීම
Graduate කෙනෙකුගේ ප්‍රබලතම ආයුධය උපාධියයි. විශ්වවිද්‍යාලයේ නම, උපාධියේ නම සහ ඔබට 1st Class හෝ 2nd Upper සාමාර්ථයක් ඇත්නම් එය පැහැදිලිව ඉහළින්ම සඳහන් කරන්න.
පියවර 2: Final Year Project / Research එක ඉස්මතු කරන්න
ඔබගේ අවසන් වසරේ project එක රැකියාවක් ලෙස සලකා විස්තර කරන්න. ඔබ විසඳූ ගැටලුව, භාවිතා කළ මෘදුකාංග/ක්‍රමවේද සහ අවසන් ප්‍රතිඵලය දක්වන්න.
පියවර 3: Internship අත්දැකීම විස්තර කරන්න
ඔබ මාස 6ක internship එකක් කලා නම් එය 'Work Experience' යටතේ පුළුල්ව ලියන්න. ඔබ නිරීක්ෂණය කල දේවල් වලට වඩා ඔබ ආයතනයට කල වැඩ කොටස Bullet points වලින් ලියන්න.
පියවර 4: විශ්වවිද්‍යාල සංගම් සහ නායකත්වය
Rotaract, Leo වැනි සමාජ ශාලාවල හෝ ශිෂ්‍ය සංගමයේ තනතුරු උසුලා ඇත්නම් ඒවා අනිවාර්යයෙන්ම එක් කරන්න. මෙය ඔබගේ කණ්ඩායම් හැකියාව පෙන්වයි.
පියවර 5: Hard Technical Skills ලැයිස්තුගත කරන්න
උපාධිය තුලින් ඔබ ප්‍රගුණ කළ මෘදුකාංග (Excel, SPSS, Python), ගිණුම්කරණ ක්‍රමවේද හෝ පර්යේෂණ කුසලතා වෙනම section එකක දක්වන්න.
Internship සහ Project එක ලිවීම - උදාහරණ
*HR Intern | ABC ආයතනය | Jan 2023 - Jun 2023*
- නව සේවකයින් 20+ දෙනෙකුගේ Onboarding ක්‍රියාවලිය සාර්ථකව සම්බන්ධීකරණය කිරීම.
- Excel භාවිතා කරමින් මාසික පැමිණීමේ වාර්තා (Attendance Reports) විශ්ලේෂණය කිරීම.
Academic Project*අවසන් වසරේ පර්යේෂණය: Supply Chain Optimization*
- දත්ත විශ්ලේෂණය හරහා ප්‍රවාහන වියදම් 15% කින් අවම කල හැකි නව ක්‍රමවේදයක් යෝජනා කිරීම. මෙයට විශේෂ ‘A’ සාමාර්ථයක් හිමිවිය.
බොහෝ දෙනෙක් කරන වැරදි
- විශ්වවිද්‍යාලයේ ඉගෙනගත් සෑම විෂයයක්ම ලැයිස්තුගත කිරීමට යාම.
- ATS මෘදුකාංග වලට කියවිය නොහැකි වන සේ අලංකාර Graphic designs භාවිතා කිරීම.
- Internship අත්දැකීම CV එකේ යටටම දමා සැඟවීම.
- තාක්ෂණික කුසලතා (Technical skills) සඳහන් කිරීමට අමතක කිරීම.
අවසාන පරීක්ෂාව
- මගේ උපාධිය සහ ප්‍රතිඵල ඉහළින්ම දක්වා තිබේද?
- Internship අත්දැකීම් පැහැදිලිව විස්තර කර තිබේද?
- Final year project එක ගැන වෙනම කොටසක් තිබේද?
- සමිති සමාගම් වල නායකත්ව වැඩ කටයුතු ඇතුලත් කර තිබේද?
- මෙය ATS මෘදුකාංග වලට කියවිය හැකි Format එකක්ද?